උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ දිවයින පුරා පොලිස් නිළධාරීන් 8,000 ක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අතර බස්නාහිර පළාතේ ආරක්ෂාවට පමණක් පොලිස් නිළධාරීන් 2,500 ක් යොදවා ඇති බවයි.
එමෙන්ම උත්සව සමයේ මාර්ග නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
