ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ඇඟයීමේ සහතිකයක් පිරිනමා තිබෙනවා.
ඒ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පැවති 79වන ලෝක සෞඛ්‍ය සමුළුවේදීයි.
එම සහතික පත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
