පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම කාලය මාර්තු 17වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) අවසන්වීමට නියමිතව තිබුණා.
තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් හා කොමිෂන් සභාව වෙත ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙලෙස එම කාලය දීර්ඝ කර තිබෙනවා.
(colombotimes.lk)