වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මූලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම්දී තිබෙනවා.
අද (12) දහවල් අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රෝහල ඉදිරිපිට වෛද්‍යවරු, හෙද හෙදියන් සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව විරෝධතා පාගමනක්ද පැවැත්වූ බවයි වාර්තා වන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, වෛද්‍ය සසික විජේනායක කියා සිටියේ සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් පමණින් මෙම අරගලය නොනවතින බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලට පැමිණ සිදු කළ සොයා බැලීම සාර්ථක මට්ටමේ පැවතුනද මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවන බවට නිශ්චිත සහතිකයක් රජයෙන් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)