පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායකගේ මාතර මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ පරික්ෂා කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකළ පෙත්සම අද (12) කැඳවා තිබෙනවා.
(colombotimes.lk)