12 March 2025


රජයේ අපේක්ෂාවක් ගැන ජනපති කියයි



සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (11) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.
 
පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සුරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)