දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
ඒ බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ 02ක් සහ ටී 56 මැගසිනයක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සැක පළ කරන්නේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි 02ක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවටයි.
බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මීට පෙරද මෙම කණ්ඩායම් අතර ඝාතන කිහිපයක්ම සිදු වී තිබෙනවා.
(colombotimes.lk)