වප් පුර පසළොස්වක පොහොය දිනය වන අද (06) චන්ද්‍රයා 'සුපර් මූන්' ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස සඳහන් කළේ අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව 7%ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බවයි.
චන්ද්‍රයා 'සුපර් මූන්' ලෙස දිස්වන අවස්ථා වසරකට කිහිපවරක් දැක ගත හැකි වන අතර ඉලිප්සාකාර කක්ෂයේදී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බව ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද දිනයේ පූර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බවයි.
(colombotimes.lk)