01. මාරක අනතුරක් - තිදෙනෙක් ජීවිතක්ෂයට
මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ලොරි රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ ගම්පොළ, දොළුව මාර්ගයේදීයි.
එම අනතුරෙන් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
මාර්ගයේ ගමන්ගත් සිල් සමාදන් වීමට ගිය කාන්තාවන් තිදෙනෙක් එලෙස අනතුරට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
02. විමල් වීරවංශට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශට අද (06) තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ බෙලිඅත්තේ සනා නැමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
03. ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධූරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි.
අද (06) උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයේදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.
04. ඉන්දියාවේ පුද්ගලයන් 08ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් රෝගීන් 08දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)