ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
රජය තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න යමෙකුට ගැටලුවක් සේ පෙනුනද මේ සම්බන්ධව කටයුතු කිරීමේදි ඇතැම් නීතිරීති රෙගුලාසි අද ඊයේ පැන නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන ඒවා බව අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින නීති රීති වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී එය එකිනෙකට සම්බන්ධ බැවින් ඉතා කල්පනාකාරීව සිදු කළ යුතු බවයි.
(colombotimes.lk)