බලපිටියේ සිට කිලෝමීටර 02ක් පමණ ඈත මුහුදේදී ඩිංගි බෝට්ටුවක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.
බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අතරමංවී සිටින ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලය බේරාගැනීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක්කර තිබෙනවා.
ඔවුන් සිදු කළ මෙහෙයුම්වලින් අනතුරුව එම යාත්‍රාවේ සිටී ධීවරයන් 04දෙනාව බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
