01 February 2026

logo

පවන්ගෙන් විශිෂ්ට ඉනිමක් - එංගලන්තයට ලැබුණු දැවැන්ත ඉලක්කය



එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 ක්‍රිකට් තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම  ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත්වුණා.

මෙහිදී ධනංජය ද සිල්වා වෙනුවට කණ්ඩායමට කැඳවූ පවන් රත්නායක පන්දු 22ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 40ක් රැස් කළා.

එමෙන්ම පැතුම් නිස්සංක ලකුණු 34ක්, කමිල් මිෂාර ලකුණු 36ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් සහ චරිත් අසලංක ලකුණු 28ක් රැස් කරගත්තා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 190ක්.

(colombotimes.lk)