17 October 2025

logo

ලක්මවට ලෝකඩ පදක්කමක්



ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවති පිරිමි දුර පැනීම (T44 /දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් වී තිබෙනවා. 

ඔහු අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නුවන් අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවති පැරා ලෝක ශූරතාවලියේ ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

ඔහු 2022 වසරේ චීනයේ පැවති ආසියානු පැරා ශූරතාවලියේ මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමත්, දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත් දිනාගැනීමට සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)