06 February 2026

logo

අවධානයෙන් ඉන්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) නිකුත් කර තිබෙනවා.

මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ පළාත් සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා අද (17) දහවල් 12.30 සිට රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය වලංගු වන බව එහි සඳහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)