04 May 2026

logo

මෝටර් රථයක් ගිනි ගනියි



මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථයක් ඊයේ (03) රාත්‍රියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා. 

ඒ පංචිකාවත්ත අබේසිංහාරාම මාවතේදීයි. 

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ 02ක් යොදා ගත් බවයි. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)