13 July 2025

logo

බැසිල්ගේ ඉල්ලීමට කැබිනට්ටුවේ වෙනසක්?



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් 6 දෙනෙකු අමාත්‍ය වරුන් ලෙස දිවුරුම් දීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දාමන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, එස්. එම් චන්ද්‍රසේන සහ සී. බී රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට නියමිත බවයි.

පසුගියදා එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම නව අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව සඳහන්.
(colombotimes.lk)