20 December 2025

logo

නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ මාර්ගයක කොටසක් ගිලා බසියි



නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ නුවරඑළිය හෝර්ටන්තැන්න ප්‍රධාන මාර්ගයේ බර වාහන ධාවනය අද (20) පැය 06ක කාලයක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

ඒ නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ මාර්ගයක කොටසක් ගිලා බැසීම හේතුවෙන්.

එලෙස ගිලා බැස තිබෙන ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා. 



(colombotimes.lk)