19 December 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන් කාඩ් අත්හිටුවයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 'ග්‍රීන් කාඩ්' අත්හිටුවා තිබෙනවා. 

ඒ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගනිමින්. 

එම වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙක් මරණයට පත් වූ අතර තවත් නවදෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙස එරට බලධාරීන්ට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)