20 December 2025

logo

ගාලු මුවදොර විශේෂ මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්



උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා හෙට (21) සිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ 'මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්' ස්ථාපිත කර තිබෙනවා. 

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් මත මෙම මධ්‍යස්ථානය පිහිටුවන බවයි වාර්තා වන්නේ. 

ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය, කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම මහජන සහාය සේවා මධ්‍යස්ථානය මහජනතාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර, හදිසි අවස්ථාවකදී හෝ අනපේක්‍ෂිත සිදුවීමකදී කඩිනම් සහාය ලබාදීමටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමටත් ස්ථාපිත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)