21 December 2025

logo

ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය සොයා බැලීමට විශේෂ කමිටුවක්



දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
 
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ ඊට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් වන බවයි. 

ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ සමස්ත හානිය තක්සේරු කර සති 02ක් ඇතුළත වාර්තාවක් ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)