21 December 2025

logo

ආපදාවෙන් හානි වූ ආගමික සිද්ධස්ථාන සංඛ්‍යාව හෙළි කරයි



ආපදා තත්ත්වයෙන් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054කට හානි සිදු වී තිබෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
 
නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සඳහන් කළේ ආගමික සිද්ධස්ථාන 33කට ඉන් පූර්ණ හානි සිදු වී තිබෙන බවයි. 

එලෙස හානි වූ ස්ථාන කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)