23 October 2025

logo

රටට වුණ දේ ගැන සොයන්න විපක්ෂයෙන් කමිටුවක්



රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා විපක්ෂය විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ඒ ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් ලෙසයි. 
 
රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුව පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බව විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
(colombotimes.lk)