23 October 2025

logo

නිදහස් කිරීමට යන උතුරු - නැගෙනහිර ඉඩම් ප්‍රමාණය හෙළි කරයි



2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු - නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර ප්‍රකාශ කළා.  

ඒ අද (23) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවයි. 

අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇති බවයි. 

(colombotimes.lk)