23 October 2025

logo

මාරක අනතුරකින් පාසල් සිසුවෙක්ට දිවි අහිමි වෙයි



බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් බස් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ යටියන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්. 

(colombotimes.lk)