23 October 2025

logo

කොරියානු භාෂා විභාග සඳහා නව මධ්‍යස්ථානයක්



දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතාව සඳහා Tablets වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

මෙම මධ්‍යස්ථානය 'Korean Language Examination Center Ubiquitous-based Test (UBT)' ලෙසින් නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

නව විභාග මධ්‍යස්ථානය ‘553/1, නව නුවර පාර, තලාහේන’ යන ලිපිනයේ පිහිටා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු Tab භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)