දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයන් 10,553ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නිවාස 387කට අර්ධ හානි සිදු වී ඇති අතර නිවාස 02කට පූර්ණ ලෙස හානි සිදුවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 36කට අයත් පුද්ගලයන් 152දෙනෙක් ඥතී නිවෙස්වල රැඳී සිටින බවයි.
එමෙන්ම පුද්ගලයන් 30දෙනෙක් තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)