අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කළ උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් අද (23) සිට යළිත් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මහනුවර සිට කොළඹ කොටුව සහ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය කිහිපයක් මෙලෙස යළි ධාවනයට එක් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)