01 March 2025


වගා හානි අවම කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීමට කමිටුවක්



වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි අවම කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්තගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කළ බවයි.

එහි සභාපති ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. එස් රණසිංහ කටයුතු කරනු ලබනවා.

එමෙන්ම මෙම කමිටුවට සාමාජිකයන් 15 දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)