යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy සහ ඇමරිකානු ජනාධිපතිි Donald Trump අතර හමුවක් ධවල මන්දිරයේදී පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමකට අත්සන් කිරීමට සහ රුසියාව සමඟ ගැටුම් සමනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සංවිධානය කර තිබූ බවයි.
කෙසේ වෙතත් එම හමුවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුමාරුවක් සිදුවී තිබෙනවා.
යුක්රේන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ඇමෙරිකාව යුක්රේනය වෙනුවෙන් වැඩි සහයක් දැක්විය යුතු බවයි.
අනතුරුව යුක්රේනය සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි වගකීමක් ගැනීම යෝග්‍ය නොවන යන මතේ සිට ඇමරිකානු ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හමුවේදී යුක්රේන ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් වහාම පිටත්ව යන ලෙස ට්‍රම්ප් දැනුම්දී ඇති බවයි.
(colombotimes.lk)