01 March 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)