01 March 2025


මෝටර් රථයක ගැටීමෙන් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට



පාපැදිකරුවෙක් මාර්ගය හරහා ගමන් කිරීමේදී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් ඊයේ (28) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදීයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)