නීති විරෝධී මත්පැන් ලීටර් 75 (බෝතල් 100)ක් සමඟ සැකකාරියක් ඊයේ (28) මුන්දලම පොලිස් වසමේ දසනායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුන්දලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31ක් වන මුන්දලම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
(colombotimes.lk)