වවුලන්ගෙන් ව්‍යාප්ත වන විවිධාකාරයේ කොරෝනා වෛරස් 3000කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතින බවට අනාවරණය කර තිබෙනවා.
ඒ එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින්.
එම සියලුම කොරෝනා වෛරස් වර්ගවලට මිනිස් සිරුරු තුළ රෝගකාරක වර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, එම වෛරස් වර්ග චීනයේ පමණක් නොව ලොව පුරා තවත් රටවල වවුලන් අතරත් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කීර්තිමත් විද්‍යාඥවරියක් වන සී ෂෙංග්ලි ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් චීනයේ ගුවැන්ඩොං, ෆුජියැන්, ෂෙජියැං සහ ගුවැංෂී ඇතුළු ප්‍රාන්ත රැසක කුඩා වවුල් වර්ග කට 100කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධව සිදු කළ දීර්ඝ පර්යේෂණකින් පසුව සොයා ගනු ලැබූ වෛරසය HKU5-CoV-2 ලෙස නම් කර තිබෙන බවයි.
(colombotimes.lk)