එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23වනදා Lotte New York Palace හෝටලයේදී පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ ඡායාරූපයකට ද එක් වී තිබෙනවා.
(colombotimes.lk)