26 March 2025


ප්‍රතිපත්ති අනුපාතය නොවෙනස්ව පවත්වාගෙනයාමට තීරණයක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින 8.00% මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (25) පැවති රැස්වීමේදීයි.  

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
 
මැදිකාලීනව උද්ධමනය 5%ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  


(colombotimes.lk)