2025 අප්‍රේල් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ආදායම් බදු සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මාසික ආදායම රුපියල් 150,000ක් ලබා ගන්නා පුද්ගලයෙක් බද්දෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මාසික ආදායම රුපියල් 200,000ක් වන පුද්ගලයෙක් නව බදු සංශෝධනය අනුව ගෙවිය යුත්තේ බදු මුදල රුපියල් 3,000ක් පමණයි.
එමෙන්ම නව සංශෝධනයට අනුව රුපියල් 250,000ක මාසික අදායමක් ලබා ගන්නා පුද්ගලයෙක් ගෙවිය යුතු බදු මුදල රුපියල් 8,000ක්.
මාසික ආදායම ලෙස රුපියල් 300,000ක් ලබාගන්නා පුද්ගලයෙක් රුපියල් 18,500ක්, මාසික ආදායම ලෙස රුපියල් 350,000ක් ලබා ගන්නා පුද්ගලයෙක් රුපියල් 32,500ක් සහ මාසික ආදායම රුපියල් 400,000ක් ලබා ගන්නා පුද්ගලයෙක් රුපියල් 50,000ක් බදු ලෙස ගෙවිය යුතු බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මාසික ආදායම 450,000ක් ලබා ගන්නා පුද්ගලයෙක් ගෙන් අය කරන බද්ද රුපියල් 68,000 දක්වා සහ මාසික ආදායම රුපියල් 500,000ක් ලබා ගන්නා පුද්ගලයෙක් ගෙන් අය කරන බද්ද රුපියල් 86,000 දක්වාත් අඩු කර තිබෙනවා.
(colombotimes.lk)