07 July 2025

logo

විදේශිකයන්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට පොලීසියෙන් නීති මාලාවක්



ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලීසියට සඳහන් කළේ පසුගිය කාලසීමාවේදී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවයි.

විදේශිකයන්ට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති වීම සහ ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති වීම ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය පාලනයකිරීමට පියවරක් ලෙස යම් විදේශිකයෙක් ත්‍රිරෝද රථ පදවන අවස්ථාවකදී ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කර ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළා.



(colombotimes.lk)