28 January 2026

logo

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකට කාරක සභාවක සභාපති ධූරයක්



රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික තේරී පත්වී තිබෙනවා.

ඒ එම කාරක සභාව පසුගියදා ප්‍රථම වරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී වෛද්‍ය නජිත් ඉන්දිකගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි විසින් යෝජනා කළා.

අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) තුෂාරි ජයසිංහ විසින් එම නම ස්ථිර කර තිබෙනවා.

(colombotimes.lk)