13 November 2025

logo

කතරගම පාසල් වලට නිවාඩු දීමට තීරණයක්



ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19 වනදා සිට ජූලි 04 වනදා දක්වා කතරගම පාසල් තුනක් වසාදැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ, අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිත බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසුවා. 
 
පෙරහැර මංගල්‍යය සඳහා විශේෂ රාජකාරියට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබීම ඊට හේතුවයි. 
 
ජූලි මස 03 වනදා මහ පෙරහැරින් පසුදින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහැර නිමාවට පත් වනු ඇති.
(colombotimes.lk)