පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පවසනවා.
ඔහු සඳහන් කළේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.
මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 30වනදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙක්ට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබාදීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම සහනාධාරය වාරික 02ක් වශයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.
ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙල කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළවෙනි වාරිකය වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් 10,000ක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කළ විට ලබාදෙන බවයි.
එමෙන්ම ගෝවීන් ලක්ෂ 14කට පමණ එනම් කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8කට පමණ මෙම සහනාධාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට බලාපොරොත්තුව වන බවද ඔහු අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන් කර ඇති බවයි.
එමෙන්ම පොහොර සනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ දක්වා කාලය තුළ ගොවීන් 211,974දෙනෙක් සඳහා රුපියල් මිලියන 1976ක මුදලක් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)
