13 November 2025

logo

වෙළඳපොළක් තුළට ට්‍රක් රථයක් කඩා වැදී අනතුරක්



දකුණු කොරියාවේ වෙළෙඳපොළකට ට්‍රක් රථයක් කඩා වැදී අනතුරක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙන බවයි. 

සෝල් අගනුවර සිට කිලෝ මීටර් 20ක් දුරින් පිහිටි බුචියෝන් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳපොළක් තුළදී මෙම අනතුර සිදු වී තිබෙනවා.
 
එමෙන්ම අනතුරින් තවත් පුද්ගලයන් 18දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම අනතුර සම්බන්ධයෙන් අදාළ ට්‍රක් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

(colombotimes.lk)