13 November 2025

logo

උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්



ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය - පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාව දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධාවලට පිළියම් සෙවීම පිළිබඳව අවධානය යොමු වූ බවයි.

මෙහිදී අත්‍යාවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිදභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු  කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. 

(colombotimes.lk)