මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (13) කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුවේදීයි.
එමෙන්ම පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.
(colombotimes.lk)
