ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාරදී තිබෙනවා.
කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින්, නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩී බෝයර්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි, අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් ද මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙනවා.
(colombotimes.lk)
