08 January 2026

logo

සිංහයන්ට තීරණාත්මක තරගයක් අද ඇරඹෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (05) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ අනුව ඔවුන්ට එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට මෙම තරගය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි.

එමෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

මේ වන විට පවතින ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(colombotimes.lk)