මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට අඛණ්ඩ විදුලි සැපයුම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
නිලමේවරුන්ට සහ සංවිධායකවරුන්ට මෙම දැනුම් දීම සිදු කර ඇති අතර පෙරහැර මංගල්‍යයට අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා මිලියන 13ක් වැය වන බව සඳහන්.
“දළදා පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන උත්සවයක්. මේ ඉල්ලීම පෙර නොවූ විරූ දෙයක්.” ලෙස කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම සුපුරුදු පරිදි උත්සවයට විදුලිය නොමිලයේ සපයන ලෙස ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියා.
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දින සතර මහා දේවාලවල සම්ප්‍රදායික 'කප්' සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වනවා.
(colombotimes.lk)