ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)