02 December 2024


පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි



පාර්ලිමේන්තුව හෙට (03) සිට දෙසැම්බර් 6වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනා හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)