02 December 2024


රථ වාහන තදබදය නිරීක්ෂණයට නව ක්‍රමයක්



රථ වාහන තදබදය නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)