පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්, අපේක්ෂකයන් නියෝජනය කරන පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළඹෙන 06වන දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ එදින රාත්රී 12.00ට පෙර හෝ ඊට ප්රථම සිය වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයන් තරග කරන ලද දිස්ත්රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවයි.
එමෙන්ම ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)